වහලයක ප්‍රධාන කොටස්
  වහල රාමුව සහ වහල ආවරණ ලෙස වහලයක ප්‍රධාන කොටස් දෙකකි.

වහල රාමුව
ගොඩනැගිල්ලේ බිත්ති, කුලුනු හෝ ලෝහ හරස්කඩ මත රැඳෙන දැව, ලෝහ, කොන්ක්‍රීට් හෝ පොලිමර් වැනි ද්‍රව්‍යවලින් රාමුව සමන්විත වේ.

පහසුවෙන් ලබාගත හැකි කාල වකවානුවල දී වහල කර්මාන්තයේ දී දැව, බහුල ව යොදාගනු ලැබුව ද, වර්තමානයේ පැනැගී ඇති දැව හිඟය හා ආනයනික දැවවල අධික මිල ගණන් නිසා ලෝහ, පොලිමර් හා කොන්ක්‍රීට්වලින් අදාළ අවයව නිර්මාණය කර ගැනේ.

වහල යනු අව්ව, වැස්ස හා පින්න ආදී ස්වභාවික කාලගුණික තත්ත්වවලින් ගොඩනැගිල්ල ආරක්ෂා කරන, මූලුක වශයෙන් ම උපයෝගිතා අංගයක් පමණී. එසේ වුව ද මනා සැලසුමකින් යුතුව නිර්මාණය කළ විට ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.

වහලයක නිර්මාණ ශෛලිය යුගයෙන් යුගයට, ජාතියෙන් ජාතියට හා දේශගුණික තත්ත්වයන් මත වෙනස් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017