පළමු දප්පුල (දාපුළු)
 

ක්‍රි.ව. 661-664
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු.03 යි)

කසුප් රජු ඇවෑමෙන් ඔහුගේ බෑනා වූ මාණ නම් කුමරු හට රාජ්‍යය භාරවිය. ඔහු විසින් තම පියා වූ දෙවෙනි දප්පුල රාජ්‍යයෙහි අභිෂේක කරවීය. ද්‍රවිසයන් නිසා රාජ්‍යයේ වියවුල් හට ගැනෙන බව මෙනෙහි කොට මේ රජු ඔවුන් ලංකාවෙන් නෙරපා දමන්නට අදහස්‌ කළේය.

එවිට දෙමළ ජනයෝ කුමන්ත්‍රණය කොට දඹදිවට පලාගොස්‌ සිටි දාඨොපතිස්‌ස රජුගේ පුත්‍රයා ගෙන්වා ගෙන යුද්ධයක්‌ පටන් ගත්තෝය. දප්පුල රජ පලාගොස්‌ රුහුණු රට රාජ්‍යය කරමින් සිට තුන් අවුරුද්දකට පසු මළේය. මේ රජුගේ අනුරාධපුරයෙහි
රාජ්‍යය සතියක්‌ කල් පමණය.

(c) Shilpa Sayura Foundation 2006-2017