කර තලාඳ වහල (Collar roof)
  කර තලාඳ වහලය පියවූ යුගල වහලයට සමානකම් දක්වයි. පියවූ යුගල වහලයේ පරාල පාද හරහා සවිකළ ආතතිකය මෙහි දී වහලයේ උසෙන් 1/3 ක උසක දී සවි කෙරෙයි. එය කර තලාඳය ලෙස හඳුන්වයි.

පරාලය සමඟ කර තලාඳය ඇති කරන දැව මූට්ටුව, කත්තුමල්ලි අඬපලු මූට්ටුව ලෙස හැඳින්වේ. මෙම වහලේ උපරිම පරායනය 4500 mm සේ සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017