පියවූ යුගල වහල (Close roof)
 මෙම වහලය යුග්ම වහලයේ වැඩි දියුණු කිරීමකි. එනම් පරාල පාද පරාල යුගලය හරහා ආතතිකයක් (Tie) මගින් සම්බන්ධ කිරීමෙනි. මේ සම්බන්ධතාව නිසා පරාල යුගලය පිටතට ඇදී යෑම වැළකෙනු ඇත.

ආතතිකය හා පරාලය අතර ඇති කරන දැව මූට්ටුව කත්තුමල්ලි හෙවත් අඬපලු මූට්ටුව යි (Dovetail halved joint). පරායනය 5500 mm ඉක්මවා නොයන ගොඩනැගිලි සඳහා මෙම වහල වර්ගය සුදුසු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017