යුග්ම වහලය (Couple roof)
 පරාල යුගලයක් තිරසට 300ක් පමණ ආනත ව ද පරාල හිස, මුදුන් යටලීයට සම්බන්ධ ව ද පරාල පාදය බිත්ති යටලීය හරහා අගුව තෙක් ද දිගු වීමෙන් මෙම වහලය සෑදේ. බිත්ති වැඩි ගනකමකින් යුක්ත නොවේ නම් පරායනය 3500-3600 mm ඉක්මවා යන අවස්ථා සඳහා සුදුසු නොවේ.

බිත්ති අසලින් වැරෙන් පිටට තල්ලු වීමට ඇති ඉඩකඩ වැඩි ය. පරාලය බිත්ති යටලීය මත ඇති කරන දැව මූට්ටුව (Bird smouth joint) ඉලිප්පු සන්ධියක් සාධයි. ස්ථායිතාව වර්ධනය කිරීම පිණිස බිත්ති යටලීය මත දී හා මුදුන් යටලීය මත දී පරාල ඇණ ගසා සවිමත් කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017