දෙපල වහලය (Double roof)
  පරාල යුගලයක් තිරසට 300ට ආනත ව ඇත.පරාල හිස , මුදුන් යටලීයට සම්බන්ධ වීමෙන් සහ පරාල පාද කොටස්, බිත්ති යටලීය මත තැන්පත් වීමෙන් මෙම වහලය සෑදේ. බිත්ති වැඩි ගනකමින් යුක්ත නොවේ නම් පරායනය 3500-3600 mm අතර පරාසයක් තුළ පවත්වා ගත යුතු ය.

වහලේ බර නිසා බිත්ති අසලින් වැරෙන් පිටතට තල්ලු වී යෑමට ඇති ඉඩකඩ බොහෝ ය. එබැවින් මෙම වහලය නිර්මාණය කිරීමේ දී විශාල පරතරයක් සඳහා යොදා ගැනීම සුදුසු නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017