තනිපල වහලය (Single roof)
  ආනති වහල වර්ගයේ සරලතම වහල තනිපල වහලය යි. ප්‍රධාන ගොඩනැගිල්ලකට යාබදව අලුතින් කොටසක් එකතු කිරීමේ දී මෙම වහලය නිර්මාණය කරන්නේ එකම බෑවුමක් සෑදෙන ආකාරයට ය. තිරස් බිත්ති යටලීය සමඟ 300 ආනත ව 100 mm × 50 mm ප්‍රමාණයේ පරාල යෙදේ.

පරාල හිස, පේකඩ ගලක් (Corble plate) මත පිහිටුවයි. පරාල පාදය බිත්ති යටලීය මත තැන්පත් වී පසුව අගුව තෙක් දිගු වේ. බිත්ති දෙක අතර පරතරය 2750 mmට සීමා වේ. බිත්ති යටලීය මත දී පරාලය සඳහා ඉලිප්පු සන්ධියක් (Birds mouth joint) සාදනු ලබයි. මෙමගින් රූටා යෑම වැළකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017