ආනති වහලය (Pitched roof)
  ආනති වහලය බෑවුම් හෝ අනුක්‍රමණ වහල (Pitched roof) ලෙස ද හැඳින්වේ. තිරස සමඟ 100-700 අතර කෝණයකින් වහල නිර්මාණය කෙරේ. සෙවිලි ද්‍රව්‍ය අනුව අනුක්‍රමණය/ආනතිය/බෑවුම වෙනස් වේ.

විවිධ සෙවිලි ද්‍රව්‍ය සොයා ගැනීමේ පහසුකම, සංසන්දනාත්මකව බලන කළ සැහැල්ලු බව, තාප පරිවහනය කිරීමේ පහසුව හා දර්ශණිය ලෙස නිම කිරීමට හැකි වීම ආනති වහලයේ වාසියට කරුණු ලෙස සැලකේ.

එහෙත් සුළං ප්‍රතිරෝධය අධික ලෙස බලපෑම් ඇති කරයි. ආනති වහලය තනිපල වහල සහ දෙපල වහල ලෙස වර්ග දෙකකි.

(c) Shilpa Sayura Foundation 2006-2017