පරායනය අනුව (According to span)
 වහලය රැඳෙන ආධාරක බිත්තිවල අභ්‍යයන්තර පෘෂ්ඨ අතර ඇති පැහැදිලි තිරස් දුර පරායනය (span) නමින් හැඳින්වේ. කුඩා පරායනයන්හි දී පරාල පමණක් යොදා ගනිමින් තනි වහලය නිර්මාණය කෙරේ. ඊට තරමක් වැඩි පරායනයන් සඳහා දැව අවයව කිහිපයක්, එවැනි මුදුන් යට ලීයට සහ බිත්ති යට ලීයට සමාන්තරව ඒවා අතර යොදා ගැනේ. මෙවැනි දැව අවයව අට්ටවාල නම් වේ.

පරාල හා අට්ටවාල යොදා ගනිමින් ද්විත්ව වහලය නිර්මාණය කෙරේ. තවදුරටත් පරායනය වැඩි කළ විට පරාල, අට්ටවාල හා රාමු/කාප්ප අවයව තුනක් යොදා ගනිමින් ත්‍රිත්ව වහලය ද නිර්මාණය කෙරේ. එනම්, පරායනය අනුව, වහලය තවත් උපවර්ග තුනකට බෙදිය හැකි ය.

* තනි වහලය
* ද්විත්ව වහලය
* ත්‍රිත්ව වහලය

(c) Shilpa Sayura Foundation 2006-2017