ඕනෑ ම ද්‍රව්‍යයක් මත බාහිර බලයක් යෙදූ විට එහි භෞතික වෙනස් වීමක් සිදු වේ. ඇතැම් ද්‍රව්‍ය මත ක්ෂණික බලයක් යෙදූ විට එය බිඳී යෑමේ හැකියාවල් පවතී. (වීදුරු වැනි). එලෙස කිෂණික බලයක දී කැඩී බිඳී යෑමේ හැකියාව භංගුරතාව (Brittleness) ලෙස හැඳින්වේ.
රබර් පටියක් දෙකෙළවරින් ඇදීමේ දී දිගෙහි වැඩි වීමක් සිදු වන අතර, බලය ඉවත් කළ විට එය යථා තත්ත්වයට පත් වේ. එම ගුණය ප්‍රත්‍යාස්ථතාව (Elasticity) ලෙස හඳුන්වයි. ප්‍රත්‍යාස්ථ ද්‍රව්‍යයක් මත යොදන බලය ක්‍රමයෙන් වැඩි කළ විට එක් අවස්ථාවක් පසුකළ විට ප්‍රත්‍යාස්ථ ස්වභාවය නැති වී යයි. එම ප්‍රත්‍යාස්ථ ගුණය පවත්නා සීමාව ප්‍රත්‍යාස්ථ සීමාව (Elastic limit) ලෙස හැඳින්වේ.
එම සීමාව ඉක්ම වූ විට ප්‍රත්‍යාස්ථ ගුණය හීන වී සුවිකාර්ය (Plastic) තත්ත්වයට පත් වේ. ඇතැම් ද්‍රව්‍ය මත යොදනු ලබන බලයක් නිසා ඇති වන බාහිර හැඩයේ වෙනස් වීම බලය ඉවත් කළ ද නොවෙනස් ව පවතී. මෙම ගුණය සුවිකාර්ය බව (Plasticity) ලෙස හඳුන්වයි.