කොන්ක්රීටයේ ජලය සහ සිමෙන්ති අතර අනුපාතය නිවැරදි බව තහවුරු කර ගැනීමට කෙරෙන පරීක්ෂණය බැහුම් පරීක්ෂාව ලෙස හඳුන්වයි.
මේ සඳහා ලෝහවලින් තැනූ දෙකෙළවර විවෘත කේතු ඡින්නකයක් (Frustrum of cone), 600 mm දිග 16 mm විෂ්කම්භය ඇති කෙළවරක් රවුම් කළ කෙටීමේ දණ්ඩක් (Tamping rod) හා උස මැන ගැනීම සඳහා කෝදුවක් (Ruler) උපයෝගි වේ.
කේතු ඡින්නකයේ මුදුන් විවරයේ ඇතුළත විෂ්කම්භය 102 mm වන අතර පතුලේ විෂ්කම්භය 200 mm කි. එහි උස 305 mm කි. ඡින්නක බඳේ මැද කොටසේ බාහිර පෘෂ්ඨය මතට සවි කළ අල්ලු (Handles) දෙකකි. දෙපා රඳවා තබා ගැනීමට එහි පතුලේ පා රැළි (Foot rest) දෙකකි. ඡින්නකයේ ඇතුළත ලෝහ පෘෂ්ඨය සිනිදු ලෙස ඔප මට්ටම් කර ඇත.
කොන්ක්රීට් මිශ්රණයක වැඩ කිරීමේ හැකියාව මනා තත්ත්වයකින් ඉටු කර ගැනීම සඳහාත්, එහි ශක්තිය වර්ධනය කර ගැනීම සඳහාත් එහි සුදුසු ප්රමාණයට ජලය අන්තර්ගත ව තිබිය යුතු ය. මෙම කොන්ක්රීට්වල ජල අන්තර්ගතය පරීක්ෂණාත්මක ව සොයා බැලීම සඳහා බැහුම් පරීක්ෂණ යොදා ගනියි.