750 mm ක් පමණ දිගැති මිලිමීටර 25-65 දක්වා විෂ්කම්භයක් ඇති කෙටි සෘජු නළයකින් සමන්විත මෙය පෙවුම් කම්පකය (Poker vibrators) වශයෙන් ද හඳුන්වයි. විකේන්ද්‍රික සුනම්‍ය ඊෂාව හෙවත් දණ්ඩක් (Eccentric flexible shaft) රැඳවීමෙන් සමන්විත සුනම්‍ය සොඩ නළය (Flexible hose) පෙරකී නළයට ඈඳා (Attached) ඇත. මෙම ඊෂාව විදුලියෙන්, වා තල බමරයකින් හෙවත් ට'බයිනයකින් (Air turbine) හෝ පෙට්‍රල් එන්ජිමකින් හෝ ක්‍රියාත්මක කළ හැකි ය.
මෙම තලය සිරස් අතට කොන්ක්රීට්හි ගිල්විය යුතු වන්නේ 450-750 mm අතර පරතරයකිනි. හැඩය මෙහි සිට 150 mm කට අඩු දුරකින් ගිල්විය යුතු නොවේ. එසේ ම මෙම කම්පකය තත්පර 5-15 අතර කාලයක් තුළ ගිල්වා තැබිය යුතු ය.
නියම කාලය තීරණයක කෙරෙන්නේ හැඩයම්වලට යාබද ව ඇති සිමෙන්ති තලපයක් සේ පෙනීම හා ඉන් පිට වන ශබ්දයේ වෙනසිනි. වැඩිපුර කම්පනයට භාජනය නොකළ යුතු වන්නේ විසංගමනය විය හැකි නිසා ය.