අතින් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම
 සියුම් සමාහාර (වැලි/ගල්කුඩු) හා බැඳුම් ද්‍රව්‍ය නිවැරදි අනුපාතයට එකතු කොට සම වර්ණ වන තෙක් වියළි ව මිශ්‍ර කළ යුතු ය. අනතුරු ව මිශ්‍රණය තුනී කොට නිවැරදි අනුපාතයට රළු සමාහාර (මැටල්) මිශ්‍රණය මත විසුරුවා යන පරිදි යෙදිය යුතු ය. අනතුරුව මල් බාල්දියකින් ඉසින ආකාරයට විසිරී යන ලෙස ජලය එක් කරමින් සවල් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කර ගත යුතු වේ.

සාදා ගත් කොන්ක්‍රීට් මිශ්‍රණය හැඩයම්වලට යෙදීම සඳහා ප්‍රවාහන අවස්ථාවේ මිශ්‍රණයේ ඇති ඝන සංඝටක (බරින් වැඩි) පතුළට බැසීමෙන් ජලය මතු පිටට පැමිණිමත් දැකිය හැකි ය. මෙය විසංගමනය (Segregation) ලෙස හඳුන්වයි. ඒ නිසා ප්‍රවාහනයේ දී විසංගමනය වැළැක්විය යුතු අතර, නැතහොත් මිශ්‍රණය තැන්පත් කිරීමේ දී කොන්ක්‍රීට් නැවති හොඳින් මිශ්‍රවන ආකාරයේ ක්‍රමවේද යොදා ගත යුතු ය. තව ද කොන්ක්‍රීට් එළීමේ දී එය ජලය මිශ්‍ර කිරීමෙන් පසු ආරම්භක සවි වීමේ කාලය අවසන් වීමට පෙර කොන්ක්‍රීට් හැඩයම් තුළ තැන්පත් කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017