කොන්ක්‍රීට් සඳහා වැරගැන්නුම් (Reinforcement)
  කොන්ක්‍රීට් තනි ව භාවිත කරන විට තනි කොන්ක්‍රීට් ලෙස හඳුන්වයි. තනි කොන්ක්‍රීට්වලට සම්පීඩන ප්‍රත්‍යාබලයට ඔරොත්තු දිය හැකි නමුත් ආතන්‍ය ප්‍රත්‍යාබලය දැරීමේ හැකියාව අඩු ය. 1:2:4 (20mm) කොන්ක්‍රීට්වලට දැරිය හැකි සම්පීඩන ප්‍රත්‍යාබලය 20 N/mm2 ක් වුව ද මෙම කොන්ක්‍රීට්වල ආතතික ශක්තිය සම්පීඩන ශක්තියෙන් ආසන්න ලෙස 1/10කි.

එනම් 2 N/ mm2 කි.මෙලෙස තනි කොන්ක්‍රීට් ආතන්‍ය වන පෘෂ්ඨයන්, බිඳ වැටීම ආරම්භ වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017