රළු / දළ සමාහාර (Coarse aggregate)
 4.8 mm දැලකින් හැලෙන එහෙත් උපරිම ප්‍රමාණ 50 mm නොඉක්මවන ප්‍රමාණයෙන් කුඩා ගල් කැබලි රළු සමාහාර ලෙස භාවිත කරයි. යොදා ගන්නා කොන්ක්‍රීටය අනුව උපරිම ප්‍රමාණය මිලිමීටර 15, 20, 25, 32 ආදී වශයෙන් වෙනස් විය හැකි ය.

අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්නා කළුගල් ශ්‍රී ලංකාවේ බහුල ව භාවිත කෙරේ. ශ්‍රේණිගත වී දිරාපත් ගල් පතුරු නොවීම, තියුණු දාර සිහිත කොටස් වීම, ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය අඩංගු නොවී තිබීම සහ නැවුම් බවින් යුක්ත වීම මෙම දළ සමාහර තෝරා ගැනීමේ දී අවධානය යොමු වේ.

ස්වභාවික බොරලු, කැඩූ බොරලු, යබොර ආදී ද්‍රව7යන් රළු සමාහාර ලෙස යොද ගැනීමට සුදුසු ය. දළ සමාහාරය ඝන ශක්තිමත් හා කල් පවත්නා ස්වභාවයෙන් යුක්ත විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017