කොන්ක්‍රීට් කෘත්‍රීම ව සකස් කළ ගල් විශේෂයක් ලෙස ද සැලකිය හැක්කේ එය ගල් මෙන් ම ශක්තිමත් වන බැවිනි. මෙම තත්ත්වය ඇති වන්නේ සවිවීමේ ක්‍රියාවලිය එනම්, සිමෙන්ති හා ජලය අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙනි.
කොන්ක්‍රීට් යනු බැඳුම් ද්‍රව්‍ය (Matrix) සියුම් සමාහාර (Fine aggregate) හා රළු සමාහාර (Coarse aggregate), ජලය සමඟ නිශ්චිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සාදා ගත හැකි නිර්මිත ගොඩනැගිලි ද්‍රව්‍යයකි. උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිර්මාණයක් කිරීමේ දී භාවිත කෙරෙන ද්‍රව්‍ය මෙන් ම වාත්තු කිරීමේ ක්‍රියාදාමය ප්‍රමිතීන්ට අනුකූල ව සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.
කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව මෙම සාධක මත රඳා පවතී.
* අමුද්‍රව්‍යයන්ගේ ගුණාත්මකභාවය (Quality of raw materials)
* සමාහාරයන්ගේ වර්ගීකරණය (Grading of aggregates)
* මිශ්‍රණ අනුපාතය (Ratio of mixture)
* එකතු කරනු ලබන ජල ප්‍රමාණය (Amount of water added)
* පදම් ගතිය හෙවත් වැඩ කිරීමේ හැකියාව (Workability)
කොන්ක්‍රීට් තනි ව යොදාගන්නා විට තනි හෝ සරල කොන්ක්‍රීට් (Plane, Lean or Mass concrete) ලෙස හැඳින් වේ. නිදසුන් ලෙස අත්තිවාරම් පතුළට යොදන කොන්ක්‍රීට් දැක්විය හැකි ය.
එසේ ම කොන්ක්‍රීට් තුළට වානේ කම්බි ක්රමානකූල ව එලා වඩාත් ශක්තිමත් කළ විට එය වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් (Reinforced cement concrete) වශයෙන් හැඳින්වේ. උදාහරණ ලෙස මහල් ගොඩනැගිලිවල, දුර්වල පස් අඩංගු බිම්වල ගොඩනැගිලි සඳහා එලන අත්තිවාරම්, බාල්ක, කුලුනු හා රැඳවුම් බිත්ති සඳහා යොදන කොන්ක්‍රීට්