රළුගල් භාවිතයෙන් අත්තිවාරම් ඉදිකිරීම
 ගොඩනැගිලි, රැඳවුම් බිත්ති, පාලම් සහ බෝක්කු සඳහා කෙරෙන පොළොව යට ඉදිකිරීම් සඳහා මිලිමීටර 300, 450 ප්‍රමාණයේ විශාල කළුගල් භාවිත කළ හැකි ය. සක්කගල් අවශ්‍ය ස්ථානයන්හි දී භාවිත කළ යුතු වේ. බැමි මුල්ල සඳහා විශාල ප්‍රමාණයේ ගල් යොදාගත යුතු අතර, සිමෙන්ති වැලි බදාමය 1:6 අනුපාතයට සකස් කර ගත යුතු ය.

සැම විට ම රළුගලේ සමතල පිහිටීම පොළොව මත පිහිටනයේ තබා බැම්ම සකස් කිරීමෙන්, අත්තිවාරම මත යෙදෙන භාරය නිසා ගල කැඩී යෑමෙන් විය හැකි කිඳා බැසීම් වළක්වා ගත හැකි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017