බ්ලොක් ගල් බැමි
  සියලු වර්ගයේ බ්ලොක් ගල් ඉදිකිරීම් සඳහා භාවිත කරන විට යොදා ගැනෙන්නේ බඩගල් බැමි ක්‍රමයට ය. එබැවින් එක් වරියක පිහිටි ගඩොළක් හා ඊට අනුයාත ගඩොල් වරියේ සිරස් කුස්තුර පිහිටිය යුත්තේ ආසන්න ගඩොලේ හරි මැදින් පිහිටන පරිදි ය.

මෙම බැමි සඳහා භාවිත කළ යුතු බදාමයේ සිමෙන්ති හා වැලි අතර අනුපාතය 1:5 විය යුතු ය. බදාමයට යොදාගන්නා ජලය බීමට සුදුසු තත්ත්වයේ පැවතිය යුතු ය. වැලි අපද්‍රව්‍යවලින් තොර විය යුත්තේ එය ශක්තිය කෙරෙහි බලපාන බැවිනි. සෘජු බිත්තිය (Straight Wall) හා සෘජුකෝණි බිත්ති මුල්ල (Right Angle Quoin) බැඳීම සඳහා ද බ්ලොක් ගල් භාවිත කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017