කුහර සහිත බ්ලොක් ගල් (Hollow blocks)
  මෙම බ්ලොක් ගල්වල සම්මත මිනුම කෝෂ සහිත වර්ගයේ සම්මත මිනුම්වලට සමාන වේ. මෙහි දී බ්ලොක් ගල් පසාරු සිදුරු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුක්ත ය. මෙයින් බර නොදරන බිත්ති බඳිනු ලබයි. මෙහි පසාරු සිදුරු අන්තර්ගත නිසා ඒවා තුළට තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක් යොදා සුසංහසනය කිරීමෙන් බර දරන බිත්ති බවට පත් කළ හැකි ය.

ඊට අමතර ව අවශ්‍ය ස්ථානවල කම්බි යොදා වැරගැන්වූ කොන්ක්‍රීට් කුලුනු බවට පත් කර ගැනීමේ හැකියාවක් ද පවතී. එලෙස වැරගැන්වූ කුලුනක් ලෙස යොදා ගැනීමේ දී හැඩයම් සහ මුක්කු අවශ්‍ය නොවීම මෙන් ම ද්‍රව්‍ය සඳහා අඩු වීම ද විශේෂ වාසියකි.

(c) Shilpa Sayura Foundation 2006-2017