කුහර රහිත ගල් (Solid blocks)
 විශේෂයෙන් බර දරන බිත්ති සඳහා භාවිත කෙරේ. කුහර සහිත ගල්වලට සාපේක්ෂ ව කුහර රහිත බ්ලොක්ගල් බරින් වැඩි ය. කුහර රහිත ගල් බර දරන හා බර නොදරන තාප්ප වැනි ඉදිකිරීම්වලට යොදා ගනියි.

SLS ප්‍රමිතියට අනුකූල ව මේවායේ දිග, පළල හා උස පිළිවෙළින් 400 X 100 X 200 mm වේ. මෙම ගල් භාවිතයෙන් කරන ඉදිකිරීම් බඩගල් බැමි ආකාරයට සිදු කෙරේ. ඇතැම් විට මෙවැනි බ්ලොක් ගල්වල දෙකෙළවර ඇලි පිහිටුවා ඇති අතර එමඟින් ගඩොල් ගා බදාමය අතර සාර්ථක සබදතාවක් ඇති කෙරේ.

මෙහි දී එම බදාමය ඇලි තුළට හොඳින් සුසංහසනය කළ (තෙරපිය) යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017