බිත්තිවලට යා කොට ඉදිකරනු ලබන නිසා මේවා යා කළ කුලුනු ලෙස හැඳින්වේ. මෙම කුලුනු මගින් බිත්තිවල ස්ථායිතාව මෙන් ම කුලුනේ ස්ථායිතාව ද ඇති කෙරේ. එමෙන් ම ගොඩනැගිල්ලේ භාරයන් අත්තිවාරම වෙත සම්ප්‍රේෂණය කිරීම ද සාර්ථක ව සිදුවේ.
ඕනෑ ම බැමි ක්‍රමයක බිත්තිවල සිරස් බව ඇති වන පරිදි ගඩොල් ඇතිරීම සිදු කළ යුතු වේ. මේ සඳහා ලඹය හා මැකිලිය භාවිත කළ යුතු ය. දික් බැම්මක් බැඳීමේ දී දෙකෙළවර ලඹ කොට බිත්ති දෙකෙළවර බැඳ, දික් නූල් ඇද, අතර මැද පිරවීම සිදු කෙරේ.