ෆ්ලෙමිෂ් බැමි ක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, එක ම වරියේ මාරුවෙන් මාරුවට ඔළුගලක් හා බඩගලක් බැගින් පිහිටීම ය. මෙය විසිතුරු බැමි වර්ගයක් ලෙස සැලකේ. මෙහි දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය නම්, බිත්තිය අභ්‍යයන්තරයේ මැදින් අඛණ්ඩ ගඩොල් 1/4ක් සිරස් මූට්ටු පිහිටීමයි.
මෙම නිර්මාණයේ දී ක්‍රමවේද කිහිපයක් ම භාවිත කෙරේ.
1. එක ම වරියෙහි පිළිවෙළින් බඩගලක් හා ඔළුගලක් මාරුවෙන් මාරුවට පිහිටීම.
2. එක් වරියක ඔළුගලක් ඊට යාබද ව ඉහළින් සහ පහළින් පිහිටි බඩගල් අතර හරි මැදින් පිහිටීම.
3. ඔළුගලින් ආරම්භ වන සෑම වරියක් ම පිළිවෙළින් ආන බානිදුවක් හා බඩගලක් පිහිටීම.
4. බිත්තියේ ඝනකම ගඩොල් බාගවල ඔත්තේ ගුණාකාර නම් බිත්තිය මැදට කෑලි ගඩොල් භාවිත කිරීමට සිදු වේ.
මේවා බොරු ඔළුගල් (Flash headers) හෙවත් කෝප්ප ඔළුගල් (Snap headers) ලෙස හඳුන්වයි.
ෆ්ලෙමිෂ් බැම්ම