ගඩොලේ බඩගල් මුහුණත ඉදිරියට දිස් වන පරිදි ගඩොල් එළනු ලබන බැම්ම බඩගල් ගඩොල් බැමි ක්‍රමය ලෙස හැඳින්වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළලින් අඩු ම බැමි වර්ගය බඩගල් බැම්ම වේ. මෙම බැම්මේ පළල ගඩොළක පළලට සමාන ය. ගඩොල් බාගයේ බැම්ම ලෙස ද මෙය හඳුන්වයි. වෙනත් භාර දැරීමේ හැකියාව අල්ප නමුත් ස්වයංභාරය දැරීමේ හැකියාව ඇත.
බැම්මේ අනුයාත වරි දෙකක සිරස් කුස්තුර අතර දුර හෙවත් අතිවැස්ම, ගඩොළක දිගින් අඩකට සමාන වේ. දික් බැම්මක දෙවන වරියේ ආරම්භය හා අවසානය සඳහා ගඩොල් 1/2ක් යොදා ගැනේ. බැම්මේ පළල අඩු නිසා එක දිගට බඳින බැමිමක ස්ථාවර බව ඇති කිරීමට තිරස් දිග 2.4 mත් 3.0 mත් අතර කුලුනු යොදා ගත යුතු ය. එසේ ම ආධාරක නැතිව 1.5 mකට වඩා වැඩි උසකට බැම්ම නොනැඟිය යුතු වේ.
වෙන්කිරීමේ බිත්ති, මායිම් තාප්ප සහ වැසිකිලි බිත්ති (කෙටි බිත්ති) සහ කුඩා ජල ටැංකි ඉදිකිරීම සඳහා මෙම බැමි ක්‍රමය යොදා ගනී.