පාරිභාෂිත පද අරුත
  1. වරිය - බැම්මකට යෙදෙන තිරස් ගඩොල් පේළිය වරිය නම් වේ.

2. බඩගල් වරිය -
ගඩොලේ බඩ මුහුණත ඉදිරියට දිස් වන සේ එළනු ලබන වරිය බඩගල් වරිය වේ.

3. ඔළුගල් වරිය - ගඩොලේ ඔළු මුහුණත ඉදිරියට දිස් වන සේ එළනු ලබන වරිය ඔළුගල් වරිය වේ.

4. අතිවැස්ම (කුස්තුර පැන්නුම) - බැම්මක එළනු ලබන වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර ඇති කෙටි ම දුර වේ.

5. තිරස් කුස්තුර - ගඩොල් වරියක් එළීමට තිරසට යොදන බදාම තටිටුව තිරස් කුස්තුරය නම් වේ.

6. සිරස් කුස්තුර - ගඩොල් වරියක් එළීමට සිරස් ව යොදන බදාම තට්ටුව සිරස් කුස්තුරය වේ.

7. දත් පැන්නුම් කෙළවර - ගඩොල් බැම්මක් දිගු කාලයකින් නැවත බැමි කොටසක් එක් කිරීමට බලාපොරොත්තු ව තාවකාලික ව නවත්වනු ලබන රටාව වේ.

8. පඩි පැන්නුම - ගඩොල් බැම්මක් ඉතා කෙටි කලකින්, එනම්, බැමි බඳින කාලය තුළ දී බැමි කොටස සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුව නවත්වනු ලබන රටාව.

9. නැවතුම් කෙළවර - බැම්මක වැඩ නිම කරන කෙළවර නැවතුම් කෙළවර වේ. (උළුවහු තබන කෙළවර දී)

10. මුල් ඔළුගල (විලුඹ ඔළුගල) - ඔළුගල් වරිය ආරම්භ වන ඔළුගල්, මුල් ඔළුගල වේ
(c) Shilpa Sayura Foundation 2006-2017