ගඩොල්වල නියැදි පරික්ෂාව (Sample Testing)
 කිසියම් ද්‍රව්‍යයක ගුණ ප්‍රමිතියට අනුකූලදැයි නිශ්චය කිරීමට ද්‍රව්‍යයේ අහඹු ලෙස තෝරා ගත් නියැදියක් සංඛ්‍යාන මූලධර්ම අනුව පරීක්ෂාවට භාජනය කරයි. නිදසුනක් ලෙස ගඩොළක මානයන්හි නිවැරදිභාවය ප්‍රමිතියට අනුකූල දැයි නිශ්චය කිරීමට ගඩොල් 24ක් කුස්තුර නොමැතිව එකිනෙක ගැටෙන සේ සකසා එහි මානයන් ප්‍රමිතියේ දක්වා ඇති දිග ප්‍රමාණයන්ට අනුකූලදැයි පරීක්ෂා කෙරේ.

මේ අනුව ගඩොල් 24ක් සඳහා ප්‍රමිතිය පහත පරිදි දැක්වේ.

දිග - 5280 mm ± 75 mm
පළල - 2520 mm ± 40 mm
උස - 1560 mm ± 40 mm
(c) Shilpa Sayura Foundation 2006-2017