ක්‍රි.ව. 624-640
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 16 යි)
දෙටුතිස් යුද්ධ භුමියේ දී දිවි නසා ගත්තේය. අග්බෝ රජ නැවතත් රාජ්‍යය ලැබ දහසය අවුරුද්දක් දෙවෙනි වර රාජ්‍යය කෙළේය. දොළොස්‌වෙනි අවුරුද්ද පටන් වරින්වර දාඨොපතිස්‌ස නම් කුමාරයකු විසින් රාජ්‍යය පැහැර ගන්නා ලදුව අග්බෝ රජ කෙළවර රුහුණු රටට පලාගොස් සැඟවී සිට එහිදී කාලක්‍රියා කෙළේය. දාඨොපතිස්‌ස නම් දෙටුතිස් රජු විසින් සෙනා සංග්‍රහය පිණිස දඹදිව යවන ලද දාඨාසීව නම් අමාත්‍ය වරයාය.
