SLS 515 : 2003- මේසන් සිමෙන්ති
  මේසන් සිමෙන්ති ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය නො කෙරේ. දැනට වසර 35කට පමණ පෙර එවකට තිබූ සිමෙන්ති සංස්ථාව මගින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.

සංයුතිය - සිමෙන්ති 40%
         අමු හුණුගල් 60%

මෙම සිමෙන්ති භාවිත කලේ, ගඩොල් බැමි, කළුගල් බැමි, බ්ලොක් ගල් බැමි සහ කපරාරු වැඩ ආදිය සඳහා පමණී. සිමෙන්ති අඩංගුව ඇත්තේ 40% බැවින් කොන්ක්‍රීට් වැඩවලට සුදුසු නැත.
(c) Shilpa Sayura Foundation 2006-2017