ආශක්ති බලය
 යම් ද්‍රව්‍යයක්, ඝන ද්‍රව්‍යක පෘෂ්ඨය වෙත ඇති කෙරෙන ආකර්ෂණය හෝ විකර්ෂණය ආශක්ති බලය ලෙස හඳුන්වනු ලැබේ. වීදුරු බඳුනක ඇති ජලය ඉවතට වත් කිරීමේ දී වීදුරු බඳුනේ පෘෂ්ඨය ජලයෙන් තෙත් වනුයේ ආශක්ත බලය ආකර්ෂණ බලයක් නිසාය.

එමෙන් ම වීදුරු බඳුනක වූ රසදිය පිටතට වත් කිරීමේ දී වීදුරු බඳුනේ පෘෂ්ඨය, රසදිය මගින් තෙත් නොවන්නේ විකර්ෂණ ආශක්ති බලයක් පැවතීම හේතුවෙන් වෙනත් ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීමේ හැකියාව අල්ප වී තිබීම හේතුවෙනි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී ජලය යොදා ගන්නේ ජලයේ ආශක්ති බලය ආකර්ෂණ බලයක් වීම හේතුවෙන් වෙනත් ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීමේ හැකියාව තිබීම නිසා ය.
(c) Shilpa Sayura Foundation 2006-2017