රසායනික ගුණ (Chemical properties)
  විඛාදන ප්‍රතිරෝධය

කිසියම් ද්‍රව්‍යයක් එය පවතින පරිසරයේ ඇති අනෙකුත් ද්‍රව්‍යයන් සමඟ රසායනික ව ක්‍රියාකර, එහි පවතින රසායනික තත්ත්වය වෙනස් වී භෞතික ගුණ ද වෙනස් වේ නම් එය විඛාදනයට ලක් වී ඇති බව දැක්විය හැකි ය.

ලෝහ කැබැල්ලක් වාතයට නිරාවරණය කළ විට වාතයේ ඇති ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ලෝහ ඔක්සයිඩ් සාදයි. එවිට එහි සම්පීඩ්‍යතා ශක්තිය, ආතන්‍ය ශක්තිය සහ පැහැය ආදීය වෙනස් වේ. මෙය විඛාදනයයි. මෙය වැළැක්වීමට පවතින පරිසරයෙන් වෙන් කර එනම්, ආවරණ හෝ ආලේපන හෝ යොදා පරිසරය හා ගැටීම වැළැක්විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017