ප්‍රසාරණතාව (Expansion)
 උෂ්ණත්වය වැඩි වීමේ දී පරිමාව වැඩි වේ. ඝන, ද්‍රව සහ වායු යන සියල්ල උෂ්ණත්වය වැඩි වන විට ඒවායේ අංශු චලනය වීම වැඩි වේ. එවිට අංශු අතර දුර වැඩි වී පරිමාව වැඩි වේ. මෙය ප්‍රසාරණතාව නම් වෙයි.

විදුලි රැහැනක් රත් වන විට දිගින් වැඩි වන බව දැකිය හැකි ය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දී ප්‍රසාරණතාව කෙරෙහි අවධානය යොමු වන අවස්ථා ලෙස දිගු පාරාසයක සිමෙන්ති යෙදීමේ දී විශේෂයෙන් පාලම්වල දී ප්‍රසාරණ වාසි සඳහා සුළු හිඩසක් තැබීම දැක්විය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017