තාප සන්නායකතාව (Heat conductivity)
 තාපය ගලා යාමේ හැකියාව එනම් උෂ්ණත්ව වෙනසක් ඇති ස්ථාන දෙකක් අතර ඝන ද්‍රව්‍යයක අංශූන්ගේ චලනයකින් තොර ව ගලා යන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ තාප සන්නායකතාව ලෙස හැඳින්වේ.

ලෝහ කැබැල්ලක එක් කෙළවරක් රත් කළ විට අනෙක් කෙළවර දක්වා තාපය ගමන් කරයි. පැරණි ගොඩනැගිලිවල පිටත බිත්ති වෙන් වූ බිත්ති දෙකක් සේ යොදා ඒ අතර වැලි පුරවා ඇත්තේ මැද මිදුලේ තාපය ඇතුළතට සන්නයනය වීම අවම කිරීමට ය.
(c) Shilpa Sayura Foundation 2006-2017