ද්‍රවාංකය (Melting point)
 ඝන තත්ත්වයේ පවතින ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයක දී ද්‍රව අවස්ථාවට පත් වේ නම් එම උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය නම් වේ. ඉටි වැනි ද්‍රව්‍යව‍ල මෙම අවස්ථා විපර්යාසය හොදින් දැකිය හැකි ය.

ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී ද මෙම ගුණය වැදගත් වන්නේ උෂ්ණත්වය අඩු වැඩි වන ස්ථානවල මෙම ද්‍රවාංක සීමාවේ පවතින ද්‍රව්‍ය අවස්ථානුකූල ව යොදා ගත යුතු බැවිනි. මාර්ග සඳහා යොදාගන්නා තාර ඉතා පහළ උෂ්ණත්වයක දී ද්‍රව වේ නම් එය ගැටලුවක් වන අවස්ථා ඇති විය හැකි ය. මේ සඳහා සුදුසු විකල්ප යොදා ගත යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017