ජ්වලන උෂ්ණත්වය (Ignition temperature)
  කිසියම් ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයකට පත් වූ පසු එම ද්‍රව්‍ය දහන පෝෂකය ලෙස ක්‍රියා කර දහනය වන්නේ නම් එම උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ජ්වලන ඌස්ණත්වය යි. මෙය දැන සිටීම වැදගත් වන්නේ කිසියම් අවස්ථාවක යම් ද්‍රව්‍යයක් පහළ උෂ්ණත්වල දී දහනය වන්නේ නම් එවැනි ද්‍යව්‍ය ඉහළ උෂ්ණත්වයකට ලක්වන ස්ථාව සඳහා භාවිත නොකළ යුතු හෙයිනි.

නිදසුනක් ලෙස විශාල කර්මාන්තශාලාවල විදුලි රැහැන් ගෙන යන්නේ P.V.C. කොන්ඩියුට් නළවල නොව G.I. නළවල ය. එසේ කරන්නේ විශාල ධාරාවන් එම සන්නායක තුළින් අධික ධාරාවක් ගැලීම නිසා ඇතිවන තාපයෙන් P.V.C. නළ රත් වී ජ්වලනය විය හැකි නිසා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017