යාන්ත්‍රික ගුණ (mechanical properties)
 යම් ද්‍රව්‍යයක් මත යෙදෙන බලයක දී එම ද්‍රව්‍යය හැසිරෙන ආකාරය ද්‍රව්‍යයේ යාන්ත්‍රික ගුණ මත රඳා පවතී. එහෙයින් කාර්යයට උචිත ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී යෙදෙන බලවලට ගැළපෙන ද්‍රව්‍ය තෝරා ගත යුතු වේ.

මෙහි දී ඉදිකිරීම් ද්‍රව්‍ය සතු සම්පීඩන ශක්තිය, ආතන්‍ය ශක්තිය, දැඩි බව, සුවිකාර්යතාව, ප්‍රත්‍යාස්ථතාව හා තන්‍යතාව පිළිබඳ අවබෝධය තිබිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017