පිරිවැය (Cost)
 නිමැයුමක් සඳහා සිදු වන වියදම පිරිවැය ලෙස හැඳින්වේ. මිල ගණනය කෙරෙන්නේ අමුද්‍යව්‍ය වියදම, අනෙකුත් නිෂ්පාදන වියදම්, ප්‍රවාහන වියදම්, ප්‍රචාරණ වියදම් හා ලාභයේ සමස්ත එෙක්‍යය පදනම් කරගෙන ය.

එමෙන් ම අදාළ නිපැයුම භාවිතයේ දී කරන වියදම් වන මෙහෙයුම් (Operation), නඩත්තු (Maintenance) හා ඉවත් කිරීම් (Disposal) ආදිය සඳහා වැය වන මුදල් මූලික පිරිවැයට එකතු කිරීමෙන් පූර්ණ ජීවන චක්‍ර පිරිවැය (Whole life cycle cost) ගණනය කෙරේ. නිපැයුමක් හෝ ඉදිකිරීමක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුත්තේ පූර්ණ ජීවන චක්‍රය සඳහා වූ පිරිවැය පදනම් කරගෙන ය.
(c) Shilpa Sayura Foundation 2006-2017