ක්‍රි.ව. 614-623
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 09 යි)
මේ රජු රාජ්‍යය කරන සමයෙහි දෙටුතිස් කුමරහුගේ සොයුරු සිරිනාග නම් අධිපතියෙක් මුහුදින් එතෙර ගොස් දෙමළ සේනාවක් ගෙන අවුත් උතුරු රට අත්පත් කරගන්ට උත්සාහ කෙළේය. අසිග්‍රාහක රජු යුද්ධ කොට බොහෝ දෙමළුන් මරා වහලුන් ලෙසට ගෙන විහාරවල වැඩට පත් කළේය.
