පෙනුම (Appearance)
 ඉදිකිරීමක/නිපැයුමක ආකර්ෂණීය බව ඇතිකරන්නේ පෙනුම මගිනි. මෙහි දී වර්ණ හා වයනය (Texture) හෙවත් පෘෂ්ඨ ස්වභාවය වැදගත් තැනක් ගනී.

නිදසුනක් ලෙස, පිටත බිත්ති අර්ධ රළු කපරාරුව කර, ඇතුළත බිත්ති මෘදු කපරාරුව කර අවශ්‍ය වර්ණ යොදා ගැනීමෙන් පෙනුම ඇති කර ගනියි. විශේෂයෙන් ඇතුළත බිත්ති සුදු හෝ ළා පැහැති වර්ණ භාවිතයෙන් විස්තෘත පරාවර්තනය නිසා ආලෝකවත් බවක් ගෙන දේ. එමෙන් ම ඇතුළත මෘදු කපරාරුව නිසා බිත්තිය මත ගැටී සීරීම්, තුවාල වීම් සිදුවීම අවම වන නිසා ආරක්ෂාකාරී බවක් ද අපේක්ෂා කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017