කල් පැවැත්ම (Durability)
 නිර්මාණයක්/ඉදිකිරීමක් කළ පසු එය කාලයක් ආපදාවකින් තොර ව පවත්වා ගැනීමේ හැකියාව කල් පැවැත්ම ලෙස හඳුන්වයි. බොහෝ ඉදිකිරීම් ස්වභාවික සංසිද්ධි හේතුවෙන් හෝ පාරිසරික සාධක මඟින් හෝ කෘමි සතුන් හෝ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් එහි පැවැත්මට අහිතකර බලපෑම් ඇතිවිය හැකි ය.

මෙම තත්ත්වයන්ට ඔරොත්තු දෙන ඉදිකිරීම් ද්‍රව්‍ය මේ වන විට වෙළෙඳපොළේ බහුලව දැකිය හැකි ය.

දැව භාණ්ඩ - කෘමීන්ගෙන් හා දිලීරවලින් හානි නොවීමට හා මීලික හැඩය නොවෙනස්ව පවත්වා ගැනීමට.
යකඩ මිශ්‍ර ලෝහවලින් තැනූ භාණ්ඩ - මලකෑමෙන් විඛාදනය නොවීමට.
පින්තාරුව - වර්ණ අවපැහැ වීම, පොතු ගැලවීම නොවීමට.

එමෙන්ම ආපදා අවම කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ආලේපන ද නූතන තාක්ෂණයේ දියුණුවත් සමඟ හඳුන්වා දී තිබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017