රසායනික සංයුතිය මත පදනම් ව ඉදිකිරීම් ද්‍රව්‍ය, ලෝහ ද්‍රව්‍ය, බහු අවයවික ද්‍රව්‍ය, සුමැටි ද්‍රව්‍ය හා සංයුක්ත ද්‍රව්‍ය ලෙස වර්ග කළ හැකි ය.
ලෝහ ද්‍රව්‍ය (Metal)
යකඩ සහිත හා යකඩ රහිත නිෆෙරස් යනුවෙන් ප්‍රධාන ලෝහ කාණ්ඩ දෙකකි. චීනච්චට්ටි හා වානේ වර්ග යනු ෆෙරස් ලෝහ වර්ගයකි. එසේ ම විවිධ ලෝහ අනුපාත මිශ්‍ර කර සාදන ලෝහ විශේෂ ද භාවිතයේ පවතී. තඹ, අලුමීනියම්, තුත්තනාගම්, මැග්නීසියම් සය ටයිටේනියම් වැනි නිෆෙරස් ලෝහ ඒ අතර වේ. මීට අමතරව පිත්තල සහ ලෝකඩ වැනි නිෆෙරස් මිශ්‍ර ලෝහ ද ඉදිකිරීම් ක්ෂේත්රයේ සුලභ ව භාවිත කෙරේ.
බහු අවයවික (Polymers)
මෙම ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ස්වභාවික හා කෘත්‍රීම යනුවෙන් වෙන් කෙරේ. සියලු රබර් හා ඒ ආශ්රිත නිෂ්පාදන ස්වභාවික බහු අවයවික ලෙසත් කෘත්‍රීම බහු අවයවික තාප සුවිකාර්ය හා තාප ස්ථාපන ලෙසත් වර්ග දෙකකි.තාප සුවිකාර්යය සඳහා උදාහරණ ලෙස P.V.C., U.P.V.C. දැක්විය හැකි අතර, තාප ස්ථාපන ද්‍රව්‍ය ලෙස C.P.V.C. හා පොලි බියුටලීන් දැක්විය හැකි ය.
සෙරමික් ද්‍රව්‍ය
කළු ගල්, වීදුරු, පිඟන් මැටි හා පෝසිලේන් වර්ග සෙරමික් ගණයට අයත් වේ.
පුනර්ජනනීය ද්‍රව්‍ය
භාවිතයට සාපේක්ෂ ව නැවත නැවත ජනනය වන ද්‍රව්‍ය පුනර්ජනනීය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. දැව, පිදුරු වැනි ද්‍රව්‍ය මේ සඳහා නිදසුන් ය.
සංයුක්ත ද්‍රව්‍ය (Composite materials)
කෙඳි වීදුරු (Fiberglass) හෙවත් වීදුරු වැරගැන්වූ බහු අවයවික (Glass Reinforced polymers), සංයුක්ත ද්‍රව්‍ය (Composite materials) සඳහා උදාහරටණ වේ. කොන්ක්‍රීට් ද බහුල ව භාවිත කෙරෙන සංයුක්ත ද්‍රව්‍යයකි.