වෙන්චූරි මීටරය
 

තරලයක් ගලා යන නළයක හරස්කඩ වෙනස් ස්ථාන දෙකක් අතර පවතින පීඩන වෙනස මගින් තරලය ගලන වේගය (හෝ ඒකක කාලයක දී ගලා යන තරල පරිමාව) මැනීමට සකසා ඇති ඇටවුමක් වෙන්චූරි මීටරය නමින් හැඳින්වේ. ඉහත රූපයේ දැක්වෙන්නේ හරස්කඩ වර්ගඵලය A2 වූ නළයක අතරමැද හරස්කඩ වර්ගඵලය A1 වන සේ කුඩා කර ඇති අවස්ථාවකි.

A1 හරස්කඩ හරහා තරලය ගලන වේගය V1 ද එහි පීඩනය P1 ද, A2 හරස්කඩ හරහා තරලය ගලන වේගය V2 ද එහි පීඩනය P2 ද ලෙස එහි දක්වා ඇත. A2 > A1 වන විට V1 > V2 වන නිසා බ'නූලි මූලධර්මයට අනුව P1 > P2 වේ. P2 > P1 මගින් වේගය වන V2 ගණනය කළ හැකි ය.

මීට අමතර ව චිමිනි ලාම්පුව, බන්සන් දාහකය වැනි උපකරණවල හොඳ ඉන්ධන දහනයක් සඳහා බ'නූලි මූලධර්මය අනුව වාතය ගලා ඒමට මග සලසා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017