ගුවන් යානයක් ඉහළට එසවීමට නම් එහි බර අභිබවා උඩුකුරු බලයක් ක්‍රියාකළ යුතු ය. බ'නූලි මූලධර්මයට අනුව ගුවන් යානයට උඩුකුරු බලයක් ලබා දීමට හැකි වන සේ තටුවල හැඩය නිර්මාණය කර ඇත. තටුවල හැඩය නිසා තටුවට ඉහළින් ප්‍රවාහ රේඛා ළංවන ආකාරය පහත රූපයේ දැක්වෙන ගුවන් යානා තටුවක හරස්කඩ මගින් පෙන්නුම් කරයි.
b රූපයේ දැක්වෙන්නේ ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවකි. පොළොවට සාපේක්ෂක ව වාතය නිසල ව පවතී. එහෙත් ගුවන් යානයක් ගුවන් තොටේ ඇති ධාවන පථයේ ගමන් කරන විට යානයට සාපේක්ෂ ව සුළං ප්‍රවාහයක් පවතී. එහි තටුවල ඇති වක්රාකාර හැඩය නිසා තටුවේ ඉහළ පෘෂ්ඨයේ සුළං ප්‍රවාහ රේඛා ළං වී ගමන් කරන අතර පහළ පෘෂ්ඨයේ ප්‍රවාහ රේඛා දුරස් ව පවතී.
මේ නිසා තටුවේ ඉහළින් යානයට සාපේක්ෂ සුළඟේ වේගය වැඩි වී පීඩනය අඩුවේ. පහළ පීඩනය මෙයට වැඩි අගයක් ගන්නා නිසා පහළ සිට ඉහළට පීඩන වෙනසක් ඇති වේ. තටුවේ පහළ පෘෂ්ඨයේ පීඩනය P1 ද ඉහළ පෘෂ්ඨයේ පීඩනය P2 ද නම් තටුවල හරස්කඩ වර්ගඵලය A වන විට මෙම පීඩන වෙනස මගින් (P1 - P2) A උඩුකුරු බලයක් ලැබේ. යානයේ වේගය වැඩි කරන විට මෙම උඩුකුරු බලය එක්තරා අවස්ථාවක දී යානයේ බර දරා ගැනීමට තරම් ප්‍රමාණවත් වේ. යානයේ තටුවල හැඩය ද වෙනස් කිරීම මගින් ප්‍රවාහ රේඛා තවත් ළං වී උඩුකුරු බලය බර අභිබවා යාමෙන් යානය අහසට නැංවිය හැකි ය. ගුවන්ගත ව ඇති යානයේ වේගය හා තටුවල හැඩය පාලනය කිරීම මගින් යානය අවශ්‍ය උසෙහි රඳාවා ගැනේ.