ස්විට්සර්ලන්තයේ විසූ සුප්‍රකට ගණිතඥයකු වූ ඩැනියෙල් බ'නූලි විසින් ප්‍රවාහය වන තරලයක ශක්ති සංස්ථිතිය සඳහා වන මූලධර්මයක් ඉදිරිපත් කරන ලදී. මෙය බ'නූලි මූලධර්මය (bernoulli’s principle) ලෙස හැඳින්වේ.
දුස්ස්රාවී බල නොගිණිය හැකි තරම් වූ අසම්පීඩ්ය තරලයක අනවරත තත්ත්වයේ පවතින අනාකුල ප්රවාහයක එක ම අනාකුල රේඛාව මත ඕනෑ ම ලක්ෂ්යයක පීඩනයේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් එකතුව නියතයක් වන බව බ'නූලි මූලධර්මයෙන් කියවේ.
එක ම තිරස් මට්ටමේ පවතින ලක්ෂ්‍ය දෙකකට බ'නූලි මූලධර්මය යොදන අවස්ථාවක් මීළඟට සලකා බලමු. රූපයේ පෙන්වා ඇත්තේ කෙළවරවල් දෙකේ වර්ගඵලයට වඩා මැද කොටසේ වර්ගඵලය කුඩා වූ නළ කොටසකි. මෙම නළය තුළින් ගලන ද්‍රවයේ ප්‍රවාහ රේඛා, වර්ගඵලය වැඩි ප්‍රදේශවල දී ඈත් ව පවතින අතර වර්ගඵලය අඩු ප්‍රදේශයේ දී ළං ව පවතී.