ක්‍රි.ව. 608-608
අගනගරය - අනුරාධපුරය (පා.කා. මාස 02 යි)
දෙවැනි අග්බෝ රජු ඇවෑමෙන් ඔහු මෙහෙසියගේ ඥාතියෙකු වූ අසිග්‍රාහක සංඝතිස්ස තෙම රජවිය. නමුත් දෙමසකට පසු අග්බෝ රජුගේ සෙනෙවි වූ දළ මුගලන් නම් අමාත්‍යයා යුද්ධයට ආකල්හි පැරදුණ වූ රජ තෙමේ දෙවෙනි පුත්‍රයාත් අමාත්යයකුත් සමඟ පලා ගියේය. මුගලන් තෙමේ තුන්වෙනි පුත්‍රයා අල්වා අත්පා කපා වද දී මැරවීය.
සංඝතිස්ස රජ තෙමේ පුත්‍රයාත් අමාත්‍යයාත් කැටිව රහසින් වේළුවනයට ගොස් මහණ වෙස් ගෙන රුහුණු රටට යන පිණිස මිණිහිරි වැවට පැමිණියේය. එහි සිටි රාජ සේවකයෝ ඒ තුන්දෙනා හැඳින අල්වා ගෙන මුගලන් රජහට හසුන් යැවූහ. ඒ රජහුගේ අණලත් පුරුෂයෝ ඔවුන්ගේ හිස් සින්දහ. වැඩිමහල් දෙටුතිස් කුමර වෙස් වළා මලය රටට සැඟවී ගියේය.
