සාන්තත්‍යතා සමීකරණය (සන්තනික ප්‍රවාහ සමීකරණය)
 

රූප සටහනේ දැක්වෙන පරිදි හරස්කඩ වෙනස් ස්ථාන සහිත නළයක් තුළින් ද්‍රවයක් ගලන අවස්ථාවක් සලකන්න. හරස්කඩ විශාල ස්ථානයේ දී සෙමෙන් ගලන ද්‍රවය හරස්කඩ පටු වීමත් සමඟ ම වැඩි වේගයකින් ගලනු දැකිය හැකි ය. 

අනවරත ප්‍රවාහයක අනාකුල රේඛා ළං වෙමින් ගමන් කරන අවස්ථාවක් සලකා එහි ප්‍රවාහ බටයේ හරස්කඩ A1 හා A2 ස්ථාන දෙකක ප්‍රවාහයේ ප්‍රවේග පිළිවෙළින් V1 හා V2 යයි සිතමු. ප්‍රවාහය අනවරත නිසා ඒකක කාලයක දී A1 හරස්කඩ තුළින් ඇතුළු වන තරල පරිමාව, ඒකක කාලයක දී A2 හරස්කඩ තුළින් පිටවන තරල පරිමාවට සමාන විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017