තරල ගති විද්‍යාව යටතේ අප සලකා බලන්නේ ගලායන තරල හෙවත් තරල ප්‍රවාහ පිළිබඳවයි. තරල ප්රවාහයක ගති ලක්ෂණ හඳුනාගැනීමට ජල කරාමයකින් ජලය ගලන අවස්ථාවක් මතකයට නගා ගනිමු. කරාමය සෙමෙන් විවෘත කළ විට ජලය සෙමෙන් ගලායයි. ජල අංශු ඉතා සෙමෙන් ඒකාකාරි ලෙස ගලන බැවින් කැළඹිලි කිසිවක් ඇති නොවේ.
මේ නිසා ජලය ගලා යන බවක් ද පැහැදිලි ව නොපෙනේ. නමුත් කරාමය තවත් විවෘත කර ජලය ගලන වේගය වැඩි කළ විට ජල අංශු ඒ මේ අත චලනය වෙමින් කැළඹිලි සහිත ව ගලන බව පෙනේ. ජල අංශුවල චලිත දිශාව මොහොතින් මොහොත වෙනස්වන බැවින් ප්‍රවාහයක් ඇති වන බව පහසුවෙන් ම හඳුනා ගත හැකි ය. මේ අනුව ආකූල ප්‍රවාහ සහ අනාකූල ප්‍රවාහ ලෙස ආකාර දෙකක් දැක්විය හැකි ය.
තරලයක ප්‍රවාහ ප්‍රවේගය විශාල අගයක් ගන්නා විට තරලය කැළඹිලි සහිත ව ගමන් කරයි. මේ නිසා තරල අංශුවලට නිශ්චිත ගමන් දිශාවක් නොමැත. මෙවැනි ප්‍රවාහ ආකුල ප්‍රවාහ ලෙස හැඳින්වේ. ප්‍රවාහ වේගය අඩු වු විට තරලය ප්‍රවාහ වන්නේ ස්ථර ලෙසයි. එම ස්තරයේ කිසි යම් ලක්ෂ්‍යයක් පසු කරන තරල අංශු හැම විට ම එක ම දිශාවට ගමන් කරයි. කාලය සමඟ තරල අංශුවල ප්‍රවේගය වෙනස් නොවේ. මෙවැනි ප්‍රවාහ අනාකුල ප්‍රවාහ හෙවත් ස්තරීය ලෙස හැඳින්වේ.
තරල ප්රවාහයක යම් ලක්ෂ්‍යයක් පසු කරන තරල අංශුවක ප්‍රවේගයේ විශාලත්වයත් දිශාවත් කාලය සමග වෙනස් නොවේ නම් එවැනි ප්‍රවාහයක් අනාකුල ප්‍රවාහයක් ලෙස අර්ථ දැක්වේ. ප්රවාහයේ සෑම ස්ථානයකම ප්‍රවේගය කාලයක් සමග නොවෙනස් ව පවතී නම් එවැනි ප්‍රවාහයක් අනවරත තත්ත්වයේ පවතින අනාකුල ප්‍රවාහයක් ලෙස හැඳින්වේ.