ප්ලිම්සෝල් රේඛාව
 ප්ලිම්සෝල් රේඛාව යනු විවිධ සාගරවල නෞකා ආරක්ෂිත ව ගිලී පැවතිය හැකි උපරිම මට්ටම දැක්වෙන නිර්දේශ සටහනකි. මෙය බ්‍රිතාන්‍ය ජාතික පාර්ලිමේන්තු සාමාජිකයකු වූ සැමුවෙල් පිලිම්සෝල් නැමැත්තාගේ යෝජනාවක් අනුව 1876 දී ජාත්‍යන්තර ලෙස පිළිගෙන ඇත.

නෞකාවේ පටවා ඇති භාණ්ඩවල බරට අමතර ව නෞකාවේ ප්‍රමාණය, සාගර ජලයේ ඝනත්වය, උෂ්ණත්වය, ලවණ සාන්ද්‍රණය, දේශගුණය යන කරුණු නෞකාවක් ගිලී පවතින ගැඹුර තීරණය කෙරෙන සාධක වේ. මේ අනුව නැව් නිෂ්පාදන සමාගම විසින්බ සෑම නාවුක යාත්‍රාවක ම මෙම ප්ලිම්සෝල්ඳෙ රේඛා සලකුණු නැව් බඳෙහි සටහන් කර ඇත. නැවේ කපිතාන්වරයා, මෙම දත්තයන්ට අනුව නෞකාවට භාණ්ඩ පැටවීම සීමා කරයි.

මළ මුහුද ඝනත්වය වැඩි ම කරදිය සහිත මුහුදු ප්‍රදේශයකි. එයට හේතුව එහි ලවණ සාන්ද්‍රණය අධික ව පැවතීමයි. එනිසා සාමාන්‍ය ජලයේ ගිලෙන වස්තූන් පවා මළ මුහුදේ පාවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017