විශාල ප්ලාස්ටික් බෝලයක් ගෙන එය ජලයට දැමූ විට ජලයේ ඉපිලෙනු දැකිය හැකි ය. මෙය ජලය තුළට තෙරපීමෙන් ජලයේ ගිල්වීමට උත්සාහ කරන්න. ඔබ යොදන බලයට එරෙහි ව විශාල උඩුකුරු බලයක් ක්‍රියාත්මක වන බව ඔබට දැනෙනු ඇති. මෙම බලය උඩුකුරු තෙරපුම ලෙස හැඳින්වේ. ඕනෑ ම වස්තුවක් තරලයක් තුළ පවතින විට ඒ මත තරලය මගින් උඩුකුරු තෙරපුමක් ඇති කරයි. උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ආකාරය පිළිබඳ ක්‍රියාකාරකම මගින් වඩාත් පැහැදිලි වනු ඇත.
නිව්ටන් දුනු තරාදියක් ගෙන එයට ගල් කැටයක් එල්ලා පාඨාංකය ලබා ගන්න. ඉන් පසු ගල් කැටය ක්‍රමයෙන් ජලයේ ගිල්වන්න. දුනු තරාදි පාඨාංකය ක්‍රමයෙන් අඩු වනු දැකිය හැකි ය. මෙසේ පාඨාංක අඩු වන්නේ ද්‍රවය මගින් ගල් කැටය මත උඩුකුරු බලයක් ක්‍රියා කිරීම නිසයි. වස්තුවේ ජලය තුළ ගිලී පවතින පරිමාව වැඩි වන විට උඩුකුරු තෙරපුම වැඩි වන බවත්, වස්තුව සම්පූර්ණයෙන් ජලයේ ගිලෙන විට එය උපරිමයකට පැමිණ ඉන් පසු එය නියත ව පවතින බවත් පෙනී යයි.