ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යොදා ගැනෙන බර වාහන විශාල ප්‍රමාණයක විවිධ කාර්යයන් වලට අවශ්‍ය බලය සපයා ගැනීමට පැස්කල් මූලධර්මය භාවිත කරයි. මෙවැනි යන්ත්‍රයක ලිහිසි තෙල් යෙදූ ටැංකියට සම්බන්ධ කරන විවිධ ප්‍රමාණයේ පිස්ටන සහිත ඇටවුම් වේ. ටැංකියේ ඇති ලිහිසි තෙල් මත පීඩනයක් යෙදූ විට එම පීඩනය අනෙක් පිස්ටන කරා සම්ප්‍රේෂණය වීමෙන් අවශ්‍ය පරිදි බල ක්‍රියාත්මක කර ගත හැකි වේ.