පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල්ගේ මූලධර්මය
  සංවෘත භාජනයක ඇති අසම්පීඩ්‍ය තරලයක යම් ලක්‍ෂ්‍යයක දී ඇති කරනු ලබන පීඩනය තරලයේ සෑම කොටසකට ම ද තරලය අඩංගු බඳුනේ බිත්ති මත ද අඩුවීමකින් තොර ව සම්ප්‍රේෂණය වන බව පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූලධර්මයෙන් කියැවේ. මෙම මූලධර්මය මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ පැස්කල් නම් විද්‍යඥායා විසිනි.

මෙම මූලධර්මයට අනුව තරලයක් අඩංගු කර ඇති සංවෘත අවකාශයක හරස්කඩ වර්ගඵලය අඩු ස්ථානයකින් කුඩා බලයක් යොදා හරස්කඩ වැඩි ස්ථානයකින් විශාල භාරයක් එසවිය හැකි ය. පහත දැක්වෙන ක්‍රියාකාරකම මගින් ඒ බව තහවුරු කරගත හැකි ය.
තාක්ෂණික වශයෙන් ඉතා වැදගත් යෙදීම් කිහිපයක්,
* ද්‍රාව රෝධක
* ද්‍රාව ජැක්කුව
* බැකෝ යන්ත්‍ර ක්‍රියා කරවීම
* දන්ත සායනවල භාවිත කෙරෙන රෝගියාගේ ආසනය
* සේවා ස්ථානවල වාහන එසවීමට භාවිත කෙරෙන ආරෝහක
(c) Shilpa Sayura Foundation 2006-2017