ද්‍රවස්ථිති පීඩනය
ද්‍රවයක් තුළ පිහිටි කිසියම් ලක්‍ෂ්‍යයක් මත පීඩනය, එම ද්‍රව්‍ය ගමන් කරමින් පවතින ද්‍රවයක් ද නැතහොත් නිශ්චල ව පවතින ද්‍රවයක් ද යන්න මත රඳා පවතී. එහෙයින් ද්‍රවයක කිසියම් ලක්‍ෂ්‍යයක ඇති පීඩනය තීරණය කිරීමේ දී එහි චලිත ස්වභාවය ද සැලකිල්ලට ගත යුතු ය.
නිසල ව පවතින ද්‍රවයක් තුළ වූ ලක්‍ෂ්‍යයක දී ද්‍රවය මගින් ඇති කරන පීඩනය ද්‍රව පෘෂ්ඨයේ සිට එම ලක්‍ෂ්‍යයට ඇති ගැඹුර හා ද්‍රවයේ ඝනත්වය අනුව වෙනස් වේ. නිසල ව පවතින ද්‍රවයක ද්‍රව පෘෂ්ඨයේ සිට (h) ගැඹුරකින් ඇති ලක්‍ෂ්‍යයක ද්‍රවය මගින් ඇති කරන පීඩනය P = h p g මගින් දැක්විය හැකි ය. මෙහි P යනු ද්‍රවයේ ඝනත්වය ද, g යනු ගුරුත්වජ ත්වරණය ද වේ.